කරුණාගෙන් CIDය පැය 07ක් ප්‍රශ්න කරයි

by admindasun
0 comment 40 views

LTTE සංවිධානයේ සාමාජිකයෙකුව සිටින සමයේදී යුද හමුදා සාමාජිකයන් 3,000ක් පමණ ඝාතනය කළ බවට පසුගියදා ප්‍රකාශ කළ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට පැමිණි කටඋත්තරයක් ලබා දුන්නේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණා අම්මාන්ගෙන් පැය 07ක පමණ ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය පවසයි.

මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙස පොලිසිය විසින් කරුණා අම්මාන්ට දැනුම් දුන් අතර මීට පෙර දවස් දෙකක් ඔහු අදාළ ප්‍රකාශය ලබා දීමට පැමිණිය නොහැකි බව දන්වා තිබුණි.

කෙසේ වෙතත් අද උදෑසට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර කටඋත්තරය ලබා දී මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment