OPPO සමාගම සිය දුරකථන සදහා හදුන්වා දී ඇති නවතම මෙහෙයුම් පද්ධතිය වන ColourOS 7 (Android 10 පදනම් කරගත්) පසුගියදා ලංකාවට හදුන්වා දීමට පියවර ගෙන ඇත.
අප්‍රේල් මස සිටම මෙරට OPPO දුරකථන භාවික කරන්නන් පිරිසකට මෙම නව මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමේ අවස්ථාව ලැබුණු අතර මේ වන විට Reno, F Series සහ A Series ඇතුළු මාදිලි වර්ග 20කට අදියර දෙකක් යටතේ මෙය හදුන්වා දීමට කටයුතු යොදා තිබේ.
2019 නොවැම්බර් මාසයේදී හදුන්වා දුන් ColourOS 7 පද්ධතියට ලොව පුරා OPPO පාරිභෝගිකයන් වෙතින් උණුසුම් ප්‍රතිචාර හිමි විය. Android 10 පදනම් කරගෙන ඉතාමත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සැළසුම් කර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය නවතම නිමාවක්, වේගවත් හා කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක්, වැඩි ආරක්ෂාවක් මෙන්ම Soloop, Focus Mode සහ වැඩි දියුණු කළ three finger screenshot ක්‍රමය වැනි විශේෂාංග රාශියක් සමගින් වෙළෙද පොළේ ලබාගත හැකිය.
