උසස් පෙළ පරීක්ෂකවරුන්ට අයදුම්පත් කැදවේ

by admindasun
0 comment 41 views

එළඹෙන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත අ. පො. ස. (උසස් පෙළ) විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සදහා පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම් පත් කැදවීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.doenets.lk ඔස්සේ මේ වන සිදු කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පැවසුවේ ප්‍රධාන පරීක්ෂණවරුන්, අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන් සහ සහකාර පරීක්ෂකවරුන් සදහා වන අයදුම්පත් වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු පුරවා ඒ ඔස්සේම යොමු කළ යුතු බවයි.

එසේම එම අයදුම්පතේ ඉතිරි කොටස බාගත කර මුද්‍රණය කිරීමෙන් අනතුරුව ආයතන ප්‍රධානියා විසින් තහවුරු කර 2020 ජූලි මස 10 වන දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් (පාසල් විභාග) ශාඛාව වෙත ලැබීමට සැලැස්විය යුතු බවත් පූජිත මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් යම් කිසි ගැටළුවක් වෙතොත් 0112785231, 0112785216 හෝ  0112784037 යන දුරකතන අංකවලින් හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකය විමසා පැහැදිලි කර ගැනීමට හැකි බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment