මැතිවරණ නීති කැඩුවොත් කියන්න

by admindasun
0 comment 27 views

2020 අගෝස්තු 05 වන දිනට පැවැත්වීමට සැලසුම්කොට ඇති පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් මෙන්ම මැතිවරණ නීතියට අනුකූලව සිදුවිය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (පැෆ්රල් සංවිධානය) පවසයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පෙර මැතිවරණවලදී මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බලපෑම් එල්ලවන රාජ්‍ය දේපල අවභාවිතයන් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු ආදිය සොයා බලමින් අදාළ මැදිහත්වීම් සිදුකිරීමට තම සංවිධානය මගින් පැමිණිලි ඒකකයක් ස්ථාපිත කොට ඇති බවයි.

තව දුරටත් අදහස් දැක්වූ හෙට්ටිආරච්චි මහතාට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මූලික කොන්දේසියක් වන සමාන භූමියක් තරඟය පැවැත්වීමට අවැසි වටපිටාව සකස් කිරීම සියලු දෙනාගේ වගකීම වේ. ඒ සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවට, රාජ්‍ය යාන්ත‍්‍රණයකට, නිරීක්ෂණ සංවිධානවලට, මාධ්‍ය ආයතනවලට මෙන්ම පුරවැසියන් වෙතද පැවරෙනුයේ විශාල වගකීමකි. රටක ප‍්‍රජාතන්ත‍්‍රීය භාවිතාවන් ශක්තිමත් කිරීමෙහිලා පුරවැසි ක‍්‍රියාකාරීත්වය ප‍්‍රබල දායකත්වයක්සපයනු ලබයි.

ඒ අනුව ඔබ ප‍්‍රදේශයේ සිදුවන නිදහස් හා සාධාරණ මැතිවරණයන්ට බාධාකාරී වන රාජ්‍ය දේපළ අවභාවිතයන් නිතීවිරෝධී ප‍්‍රචාරක කටයුතු සහ මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියාවන් පිළිබඳ තොරතුරු පැ‌ෆ්රල් සංවිධානයේ පැමිණිලි ඒකකය වෙත ලබා දෙන ලෙසත් සෑම තොරතුරකම රහස්‍යභාවය සුරකින බවත් හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment