ඊයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ජන රැළියකදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ දේශපාලනය කරන බවට විචේචනය කළ හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අගරදගුරුතුමාගෙන් සමාව ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිත් තැවුලට පත්වූ අතර ඒ පිළිබදවද තම කණගාටුව ප්‍රකාශ කරන බව ප්‍රේමදාස මහතා පැවසුවේය.
යම් කිසි පුද්ගලයෙකු අතින් වරදක් සිදුවුණු විට ඒ බව පෙන්වා දී එම වරද නිවැරදි කිරීමට තමා පසුබට නොවන බවත් ඔහු කියා සිටියේය.
පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් මහතා විසින් කරන ලද ප්‍රකාශ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී කතෝලික ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයේ පරාජයට එය හේතු වුණු බවත් එම ක්‍රියාව හිරිකිත බවත් හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා පොළොන්නරුවේදී පැවසුවේය.
