මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාධනය වූ රෝගියෙක් හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 රෝගියෙක් හමුවූයේ දින දෙකකට පසුව වන අතර මේ සමග කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතෙ රෝග විද්‍යා ඒකකය පැවසුවේය.
අද දින වාර්තා වුණු රෝගියා පසුගියදා මාලදිවයින සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
මේ වන විට මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව 1951ක් පමණ වන අතර අද දිනයේදීද 26 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ සුවය ලැබූ මුළු කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1526ක් පමණ වේ.
