පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමට කතෝලික ඡන්ද හේතුවක් නොවුණු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.
අද දින එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයේ සත්‍යයක් නොවන බවයි.
උදාහරණයක් ලෙස ගතහොත් හම්බන්තොට දිස්ත්‍රික්යේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණය සියයට 25කින් පසුගිය මහ මැතිවරණයේදී පහත වැටුණු අතර ඒ සදහා කතෝලික ඡන්ද හේතු නොවුණු බව කාරියවසම් මහතා පැවසුවේය.
එසේම එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරාම ආසනය ඡන්ද 50,000කින් පමණ පරාජය වූ අතර ඒ සදහා කතෝලික ඡන්දවල කිසිදු බලපෑමක් තිබුණේ නැති බවත් හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.
