සොල්දාදුවන් මැරූ බව කී කරුණා CIDයට

by admindasun
0 comment 45 views

එල් ටී ටී ඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ කටයුතු කරන කාලය තුළ යුදා හමුදා සාමාජිකයන් ඝාතනය කළ බවට ප්‍රසිද්ධියේ කතා කළ විනයාඝමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය‌ සේනාරත්න මහතා පැවසුවේ විනයාඝමූර්ති මුරලිදරන් මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව වහාම ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබා දී ඇති බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේ අදාළ ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව එය විෂ්ලේෂණය කිරීමෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment