මාස 02කට පසු වැලිසර නාවික හමුදා කදවුර විවෘත වේ

by admindasun
0 comment 45 views

නාවික හමුදා සාමාජිකයන් අතර කොවිඩ් – 19 වසංගතය පැතිරීම හේතුවෙන් වසා දැමුණු වැලිසර නාවික හමුදා කදවුර හෙට දින යළි විවෘත කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසූ පරිදි වැලිසර නාවික හමුදා කදවුර හෙට සිට කොටස් වශයෙන් විවෘත කෙරේ.

පසුගිය අප‌්‍රේල් 27 වන දින නිවාඩු ලබා පොළොන්නරුව ප්‍රදේශයට ගිය නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග වෛරසය ආසාධනය වූ තවත් පිරිසක් වැලිසර නාවික හමුදා කදවුරෙන් සොයා ගැනීමත් සමග තව දුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සදහා නාවික හමුදා කදවුර වසා දැමුණි.

එදින සිට මේ දක්වා නාවික හමුදා සාමාජිකයන් 901 දෙනෙකුට කොවිඩ් – 19 ආසාධනය වූ අතර ඉන් නාවික හමුදා සාමාජිකයන් 773ක් පමණ මේ වන විට සුවය ලබා සිටය ගොස් ඇත.

මේ වන විට ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමජිකයන්ගේ සංඛ්‍යාව 128ක් පමණ වන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේය.

පසුගිය දින 04ක කාලයක් තුළ කොවිඩ් – 19 ආසාධිතයින් නාවික හමුදාවෙන් වාර්තා නොවුණු බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment