මේ වන විට අගෝස්තු 05 වන දින පැවැත්වීමට නියමිතව ඇති මහ මැතිවරණය සම්බන්ධයෙන් තව දුරටත් ගත යුතු තීරණ පිළිබදව කතා කිරීමට මැතිවරණ කොමිසම ජුනි මස 25 වන දින රැස්වීමට නියමිත බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණය පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.
මේ වන විට එකගතාවට පැමිණ ඇති පරිදි අගොස්තු 05 වන දින මැතිවරණය පැවැත්වෙන අතර අගෝස්තු 06 වන දින ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් දේශප්‍රිය මහතා පැවසුවේය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ බිය නැතිව ඡන්දය පාවිච්චි කරන ලෙසත් මැතිවරණ නීති කඩ කිරීම් වළක්වා ගැනීමට තම සහයෝගය ලබා දෙන ලෙසත්ය.
තව දුරටත් අදහස් දැක්වූ දේශප්‍රිය මහතා පැවසුවේය ආහාර පාන, භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධව මැතිවරණ නීති කඩ කිරීම් වැළැක්විය යුතු බවයි.
