ගෙවුණු පැය 48 තුළ කොවිඩ් රෝගීන් නෑ

by admindasun
0 comment 26 views

ඊයේ දිනයේදීත් අද දිනයේ මේ දක්වාත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෙසේ වෙතත් අද දිනයේදීද කොවිඩ් – 19 වැළදී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 26 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවවූවන්ගේ මුළු සංඛ්‍යාව 1498 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග අංශයේ ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේය.

මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 441ක් පමණ වන අතර කොවිඩ් – 19 යැයි සැක සහිතව රජයේ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 25ක් බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමරවීරට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ පීසීආර් පරීක්ෂණ 96,000ක් පමණ සිදු කර ඇති අතර ඊ‌යේ දිනයේදීද 1,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂණ සිදු කළ ඇත.

තවද මෙරට වැඩිම රෝගීන් වාර්තා වුණු නාවික හමුදා නියැදියෙන් පසුගිය දින තුන තුළ රෝගීන් වාර්තා වීමක් සිදු නොවන බවත් වෛද්‍ය සමරවීර පැවසුවේය.

මේ වන විට නාවික හමුදාවේ කොවිඩ් – 19 ආසාධනයවූ සංඛ්‍යාව 901ක් පමණ වන අතර 773 දෙනෙක් මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයන් 128 දෙනෙකු පමණක් බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment