ක්‍රිකට් පාවාදීම ගැන අරවින්දත් පරීක්ෂණයක් ඉල්ලයි

by admindasun
0 comment 43 views

පසුගියදා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරගය පාවා දුන් බවට කරන ලද චෝදනාවට වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා පැවසුවේය.

ඒ මහතා කියා සිටියේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය, ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවකට කණ්ඩායම තේරීමේ කටයුතු නීත්‍යාකූලව නියමිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ඔ්නෑම අවස්ථාවක ඒ පිළිබදව ඔප්පු කර පෙන්වීමට තමා සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පරෙුම මහතා කියා සිටියේ තමා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ මේ සම්බනධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත් අරවින්ද ද සිල්වා මහතා කියා සිටියේ මෙම චෝදනා සියල්ල තමා ප්‍රතික්ෂේප කරන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment