මැතිවරණ මනාප ගැටුම් ඇරඹේ

by admindasun
0 comment 66 views

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින එකම පක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් ඇතිවීම පිළිබදව අද දින මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙනය යන ප්‍රදේශවලින් වාර්තා විය.

කොටපොළ ප්‍රදේශයේ ඇති වූ ගැටුමෙන් තුන් දෙනෙකු ර‌ෝහල්ගත කර ඇති අතර කොටපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද ඒ අතර වේ.

මෙම ගැටුම මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන් වන නිපුණ රණවක සහ කංචන විජේසේකර යන අපේක්ෂකයන්ගේ අධාරකරුවන් අතර හට ගෙන තිබුණි.

මේ අතර මිද්දෙනිය හකුරුවෙල ප්‍රදේශයේදී අගුණකොළපැළැස්ස ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා විසින් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ආධාරකරුවෙකුට පහර දී ර‌ෝහල්ගත කර ඇති බවත් අද දින වාර්තා විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment