මැතිවරණ සෞඛ්‍ය උපදෙස් ගැසට්පත හෙට මධ්‍යම රාත්‍රියේ

by admindasun
0 comment 45 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන මෙවර මහ මැතිවරණයේදී පිළිපැදිය යුතු බවට මේ වන විටත් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් මාලාව අඩංගු ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මෙම සෞඛ්‍ය උපදෙස් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස පසුගිය කාලය පුරා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් මෙන්ම සමහර‌ දේශපාලන පක්ෂවලින්ද දිගින් දිගටම ඉල්ලීම් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ මෙම උපදෙස් මාලාවට අනුව සෑම ඡන්ද පොළකටම සෞඛ්‍ය නිළධාරියෙක් අනුයුක්ත කෙරන බවයි.

එසේම උණ වැනි යම් කිසි රෝගී තත්ත්වයක් ඇති අය අවසන් පැයේදී ඡන්දය දැමීමට පැමිණෙන ලෙසත් එම උපදෙස්වල සදහන් වන බව ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමරවීර පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන විට තමන්ටම බෝල්පොයිනට් පෑනක් රැගෙන ඒම ආදී තවත් කරුණු රැසක් එම උපදෙස් මාලාවේ අඩංගු වන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment