හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශපාලන කොන්ත්‍රාත්තුවක් සිදු කරන බවට අද දින චෝදනා කළේය.
පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා විසින් දේශපාලනික ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට කතෝලික ඡන්ද ලැබීමට කාදිනල්තුමාගේ මෙම දේශපාලන ප්‍රකාශ හේතුවූ බවත් ඔහු කියා සිටියේය.
කාදිනල්තතුමාගේ මෙම ක්‍රියාව හිරිකිත බව පැවසූ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ සාමාන්‍යයෙන් 80%ක් කතෝලික ඡන්ද එක්සත් ජාතික පක්ෂයට හිමි වන අතර අගරදගුරුතුමා දේශපාලනය නොකළානම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එම ඡන්ද හිමි නොවන බවයි.
