අද දිනයේ මේ දක්වා කොවිඩ් රෝගීන් වාර්තා වී නෑ

by admindasun
0 comment 18 views

අද දිනයේ රාත්‍රි 11.30 පමණ වන විටත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 නව රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඊයේ දිනයේදීද හමුවූයේ රෝගීන් 02 දෙනෙක් පමණක් වන අතර ඉන් එක් අයෙක් මුබ්බායි සිට කටාර් බලා ගමන් කරමින් සිටි ඉන්දීය ජාතියෙක් වූ අතර අනෙක් පුද්ගලයා විදේශගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් පවත් සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවූ මුළු කොවිඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව 1950ක් වන අතර ඉන් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 467ක් පමණ පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෙසේ වෙතත් අද දිනයේදී සුවය ලබා පිටව ගිය පුද්ගලයන් 26 දෙනාද ඇතුළුව මේ වන විට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 1472ක් පමණ වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment