සුවවූ කොවිඩ් රෝගීන් ගණන 1500කට ළං වෙයි

by admindasun
0 comment 31 views

අද දිනය වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටව ගිය ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1472 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දිනයේදීද සුවය ලැබූ රෝගීන් 26 දෙනෙකු පිටව ගිය අතර මේ වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණු නාවික හමුදා නියැදියේ සාමාජිකයින් 771 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 467ක් පමණ‌ වේ.

එසේම කොවිඩ් – 19 බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 39කි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1950ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment