බැදුම්කර ගනුදෙනුව පිළිබද හිටපු රාජ්‍ය ප්‍රධානීන්ගෙන් ප්‍රකාශ

by admindasun
0 comment 26 views

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූයේ යැයි කියන බැදුම්කර වංචාව පිළිබද හිටපු ජනාධිපතිි මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිට අද උපදෙස් ලබා දුන්නේය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශක අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ නීතිපතිවරයා විසින් ලබාදීී ඇති ප්‍රශ්න ආවරණය වන පරිදි අදාළ ප්‍රකාශ ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී ඇති බවයි.

එසේ ලබා ගන්නා ප්‍රකාශවල පිටපත් පමාවකින් තොරව නීතිපතිවරයාට යොමු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත.

2015 පෙබරවාරි සහ මාර්තු මස බැදුම්කර නිකුතුවේදී සිදු වූයේ යැයි කියන චංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 10 දෙනෙකුට විරුද්ධව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැදවන ලදී.

 

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment