2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට චෝදනා

by admindasun
0 comment 71 views

2011 වසරේදී ඉන්දියාවේදී පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගය ඉන්දියාවට එරෙහිව පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දින චෝදනා කළේය.

එම තරගය සම්බන්ධයෙන් තමාට ලැබී ඇති තොරතුරුවලට අනුව තරගය පාවාදීමක් ලෙස පැවසිය හැකි බවත් ඔහු කියා සිටියේය.

තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායමේ සාමාජිකයන් 04 දෙනෙකු අවසන් තරගයේදී වෙනස් කළ බවත් අලුත්ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එවකට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර කියා සිටියේ එය ඉතා ප්‍රබල චෝදනාවක් බැවින් මේ පිළිබදව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලිි කළ යුතු බවයි.

එහිදී හිටපු අමාත්‍යවරයා සතුව ඇති තොරතුරු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුව වෙත ලබා දිය යුතු බවත් සංගක්කාර මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන පවසන්නේ මැතිවරණ සමයේ විවිධ නාටක ආරම්භ කර ඇති බවයි.

හිටපු රගර් ක්‍රීඩකයකු වන හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ හැමෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපය විනාශ කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment