සාමාන්‍ය පෙළ විභාග සහතික ඔන්ලයින් හරහා

by admindasun
0 comment 45 views

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සටහන් මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසුවේය.

ක‌ොවිඩ් – 19 වැළැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා ලබා දී ඇති උපදෙස්වලට අනුව ජාලගත සේවා පුළුල් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් ඔහු පැවසුවේය.

ඒ අනුව පසුගිය වසරේ අ. පො. ස. (සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල අනුව උසස් පෙළ සදහා පාසල්වලට ඇතුළත් වීමට සිටින අයදුම්කරුවන්ට තම විභාග සහතිකය විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හෝ https://onlineexams.gov.lk/onlineapps/index.php/results වෙත පිවිසීමෙන් බාගත කර ගත හැකි බවත් පූජිත මහතා පැවසුවේය.

එසේම එක්දින සේවාව මගින් විභාග සහතික ලබා ගැනීම සදහා පැමිණීමට අවශ්‍ය නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment