වැලිසර නාවික කදවුර කොවිඩ්වලින් නිදහස්

by admindasun
0 comment 56 views

කොවිඩ් – 19 වසංගතය පැතිරීම හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දැමුණු වැලිසර නාවික හමුදා කදවුර ක‌ොවිඩ්වලින් තොර කලාපයක් ලෙස අද ප්‍රකාශයට පත් කෙරුණි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ නාවික හමුදාවේ වැලිසර කදවුර තුළ කොවිඩ් – 19 වසංගතව සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ඒ බව අද දින නිවේදනය කළ බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව නාවික හමුදාවටද නිළ වශයෙන් දැනුම් දී ඇති අතර ඒ අනුව කදවුරු යළි විවෘත කිරීමට ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත.

කොවිඩ් – 19 ආසාධනයවූ පළමු නාවික සෙබලා වැලිසර නාවික හමුදා කදවුරේ සිටි අයෙක් වූ අතර මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වූ නාවික හමුදා සෙබලුන්ගෙන් 700කට අධික ප්‍රමාණයක් සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment