දිගින් දිගටම ඉල්ලීම් කළද අතිකාල සහ හිග වැටුප් දීමනා ලබා නොදීම හේතුවෙන් බස්නාහිර පළාතේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයෝ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව බස්නාහිර පළාතේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හෙට දිනයේදී විරෝධතා වැඩසටහන් දියත් කෙරෙන අතර කළු පටි පැළදීම, බැනර් ප්‍රදර්ශනය කිරීම ඇතුළු ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.
රජයේ වෛදය නිළධාරීන්ගේ සංගමයේ දිගින් දිගටම කළ ඉල්ලීම් හේතුවෙන් තාවතාලික විසදුමක් ලෙස 2020 මාර්තු මාසයට අදාළ හිග අතිකාල/අමතර රාජකාරී දීමනාවලින් කොටසක් පමණක් ගෙවීමට මේ වන විට කටයුතු කෙරෙන බව දැනගන්නට ඇතත් පැලැස්තර විසදුම් හරහා ප්‍රශ්නයට නිසි විසදුම් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
එසේම මෙම මුදල් ගෙවීමට පළාත් සභාව සතුව මුදල් නොමැති බවත් මේ වන විට ප්‍රකාශ වී ඇති අතර බස්නාහිර පළාතේ සේවය කරන 2500කට අධික වෛද්‍යවරු සහ දස දහස් ගණනක් වූ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ටද සාධාරණයක් ඉටුවන බවත් පෙනෙන්නට නොහැති බව ඔහු කියා සිටියේය.
එසේම මෙම මුදල් ගෙවීමට මධ්‍යම රජයෙන් හෝ මුදල් වෙන් නොකරන්නේනම් එම සෞඛ්‍ය ආයතන සියල්ල මධ්‍යම රජයට පවරාගත යුතු බවට වෛද්‍ය අලුත්ගේ අවධාරණය කරයි.
එනිසා හෙට දිනයේදී තම විරෝධතාව දියත් කෙරෙන අතර තව දුරටත් මෙම ගැටළුවට විසදුම් නොලැබෙන්නේනම් ඉදිරි ක්‍රියා මාර්ගවලට යොමු වීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
