ඊයේ හමුවූ කොවිඩ් රෝගීන්ගෙන් බහුතරය පිටරට සිට පැමිණි අය

by admindasun
0 comment 41 views

ඊයේ දිනයේදීී ශ්‍රී ලංකාවෙන් හදුනාගත් කොවිඩ් – 19 රෝගීන් 16 දෙනාගෙන් බහුතරය පිටරට සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව 06 දෙනෙකු මාලදිවයින සිට පැමිණි අය වන අතර 05 දෙනෙකු කුවේට් සිට පැමිණි අයවේ. තවත් එක් අයෙකු පකිස්තානයේ සිට පැමිණිකෙනෙක් වන අතර තවත් එක් අයෙකු බංගලාදේශයේ සිට පැමිණි අයෙකු වේ. නාවික හමුදා සාමාජිකයන් තුන් දෙනෙකුද ඊයේ දිනයේදී හදුනාගත් පිරිස අතර වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව කොවිඩ් -19 ආසාධනය වී මෙරට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 552 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම කොවිඩ් – 19 බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 46ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධනය වුු මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 1905ක් වන අතර ඉන් 1342ක් මේ වන විට සම්පුුුුුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment