විගමනික ශ්‍රමිකයන්ට විශේෂ ඉතුරුම් ගිණුමක්

by admindasun
0 comment 52 views

විදේශ රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් රුපියල් මිලියන 50ක විශේෂ තැන්පතු ගිණුම් ආරම්භ කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන බව එහි සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි.

පළමුව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, විදේශ රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන විගමණික ශ්‍රමිකයින්, කාර්යාංශයේ ලියාපදිංචි කිරිමේදි ඔවුන්ගේ නමින් විශේෂ ප්‍රේශණ තැන්පතු ගිණුමක් විවෘත කර ඒ සදහා ඩොලර් 5  මූලික මුදලක් කාර්යාංශය විසින් තැන්පත් කරන බවත් ඔහු කියා සිටියේය.

ලංකාවේ වාණිජ බැංකු කිහියක් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්ත්වන මෙම වැඩසටහනට අනුව, එම බැංකු මගින්ද අදාල ශ්‍රමිකයාගේ ගිණුමට තවත්  ඩොලර් 5 තැන්පත් කිරිමටද එම බැංකු වෙත යෝජනා කරන බවත් රත්වත්ත මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව විදේශ රැකියාවෙන් උපයාගනු ලබන විදේශ විනිමයට රාජ්‍ය සුරක්ෂිතභාවය ලබාදෙමින්  තම මාසික වේතන තමන්ගේ නමින් මෙම ගිනූමට බැර කිරිම මගින් මාසිකව ඩොලර් 20 සිට 100 දක්වා ඉතිරි කිරිමට ශ්‍රමිකයන් දිරිගැන්වීම උනන්දු කිරිම මෙහි ප්‍රධාන අරමුණයි. එසේම මෙලෙස නීතිය්‍යානුකූල මාර්ගයෙන් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහල නැංවිම මගින් රටේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඉහල නැංවීමද බලාපොරොත්තුවේ.

පළමුව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ විදේශ රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන විගමණික ශ්‍රමිකයින් 50,000 පමණ සම්බන්ධ කරගැනීමට කාර්යාංශය අපේක්ෂා කරන බවත් රත්වත්ත මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment