ජාතික උද්‍යාන හෙට සිට විවෘතවේ

by admindasun
0 comment 38 views

කොවිඩ් – 19 වසංගතය නිසා මාස 03ක පමණ කාලයක් පුරා වසා දමා තිබූ මෙරට සියලු ජාතික උද්‍යාන, පරිසර උද්‍යාන සහ සත්වෝද්‍යාන හෙට සිට යළි විවෘත කෙරෙන බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

කෙසේ වෙතත් මෙසේ යළිි විවෘත කෙරෙන මෙම ස්ථාන නැරඹීමට පැමිණීමේදී රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපැදිය යුතු වන අතර යළි දැනුම් දෙන තුරු විවිධ සීමා පනවා ඇති බවත් ඔහු පැවසුවේය.

ඒ අනුව ජාතික උද්‍යානයකට ඇතුළු කළ හැකි වාහන සංඛ්‍යාව 150කට පමණ සීමා කර ඇති අතර ජාතික උද්‍යාන තුළ ඇති සංචාරක බංගලා පාවිච්චි කිරීමේදී විශේෂ ක්‍රමවේදයක්ද හදුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ජාතික උද්‍යානවල සෆාරී ජීප් රථ ක්‍රියාත්මක කර ඇති රියදුරන් සදහා විශේෂ වැඩමුළුවක්ද ජාතික උද්‍යාන නැවත විවෘත කිරීමට පෙර පවත්වන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment