ඡන්ද ප‌ෝස්ටර්වලට නීතිමය ක්‍රියා මාර්ග

by admindasun
0 comment 68 views

නීති විරෝධී ලෙස ප්‍රසිද්ධ ස්ථානවල මැතිවරණ දැන්වීම් ප්‍රදර්ශනය කරන අපේක්ෂකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම හෙට සිට ආරම්භ කරන බව පොලිසිය පවසයි.

අද රාත්‍රියේදී මේ වන විට මෙසේ නීති විරෝධීව රට පුරා අලවා ඇති දැන්වීම්, බැනර් සහ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පොලිසය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විටත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් මෙම නීති විරෝධී ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට දැනුවත් කර ඇති අතර අද රාත්‍රි ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුමේදී මේ වන විට මේ අයුරින් සිදු කර ඇති ප්‍රචාරක මෙවලම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඉන් පසු නැවතත් මෙවැනි නීති විරෝධී දැන්වීම්, බැනර් හෝ ප්‍රචාරක පුවරු සවිකිරීම පිළිබදව නිරීක්ෂණය කිරීම සහ පටිගත කිරීම සදහා හෙට දිනයේ සිට රට පුරා විශේෂ ඡායාරූප සහ වීඩියෝ කණ්ඩායමක් යොදවන අතර එවැනි ප්‍රචාරක මෙවලම් නැවතත් සවි කර තිබුණහොත් අදාළ අපේක්ෂකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් අධිකාරී සේනාරත්න පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment