අදත් කොවිඩ් රෝගීන් 04ක්, සුවය ලැබූවන් තවත් වැඩිවෙයි

by admindasun
0 comment 22 views

අද දිනයේදී හදුනාගත් කොවිඩ් – 19 ආසාධිතයින් සංඛ්‍යාව 04 දෙනෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

එම රෝගීන් 04 දෙනා අතරින් තුන් දෙනෙකු පිටරට සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කර සිටි අයවේ.

එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙකු බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 621ක් පමණ වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

එසේම ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 1884 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදීද සුවය ලබා පිටව ගිය රෝගීන් සමග සුවය ලැබූ මුළු ර‌ෝගීන්ගේ සංඛ්‍යාව 1252ක් පමණ වන අතර මේ වන විට 63 දෙනෙකු පමණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment