දේශපාලනයෙන් සමුගත් මංගල චන්ද්‍රිකා හමුවේ

by admindasun
0 comment 507 views

පසුගියදා දේශපාලනයෙන් සමු ගන්නා බවට නිවේදනය කළ මංගල සමරවීර මහතා අද දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුණ ගැසී ඇත.

මෙම හමුව හිටපු ජනාධිපති කුමාරතුංග මහත්මියග‌ේ මහගෙදර වූ හොරගොල්ල වලව්වේදී සිදු වී ඇත.

හිටපු මුදල් අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංගල සමරවීර මහතා පසුගියදා මාතරදී පැවැති හමුවකදී තමා මන්ත්‍රි දේශපාලනයෙන් සමු ගන්නා බවට මාතර ජනතාවට නිවේදනය කළේය.

කෙසේ වෙතත් ඔහු එහිදී කියා සිටියේ ඔහු මන්ත්‍රී සහ පාර්ලිමේන්තු කටයතුවලින් ඉවත් වුවද තව දුරටත් දේශපාලන කටුයුතුවල නියැලෙන බවයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගය සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට නාම යෝජනා බාරදී තිබුණු මංගල සමරවීර මහතා මනාප අංකද නිකුත් කිරීමෙන් අනතුරුව තම දේශපාලනයනේ ඉවත් වන බවට නිවේදනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයකට අනුව සිදු වුණු දෙයක් බවට දේශපාලන පිටියේ විවිධ කතා බහ පැතිරුණි.

මේ අතර අද දින සමරවීර මහතා හොරගොල්ල වලව්වේදී හිටපු ජනාධිපතිනිය මුණ ගැසුණු බවට ඡායාරූපයක් එහුගේ පෞද්ගලික ෆෙස්බුක් පිටවේද පල කර තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment