ර‌ොෂාන් රණසිංහට එරෙහිව කැෆේ මැකොට

by admindasun
0 comment 74 views

හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට අද දින නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) මැතිවරණ කොමිසමට පැමිණිලි කළේය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් එම පැමිණෙල්ලේ සදහන් කර තිබුණු පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කරන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුනේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යනු ලබයි.

රාජ්‍ය ලාංඡනයද සහිතව මේ පිළිබඳව වන පුවරුවක් මේ වනවිට පොලොන්නරුව නගරයේ ඉදිකර ඇති බවත් මකීන් මහතා පවසයි.

මෙලෙස රාජ්‍ය ලාංඡනය යොදාගැනීම සහ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා යොදු ගැනීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් බවත් ඒ බව මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment