ඇඳිරි නීතිය තවත් ලිහිල් කරයි

by admindasun
0 comment 19 views

2020 ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේය.

මෙතෙක් ඇදිරි නීතිය ක්‍රියාත්මක වූයේ රාත්‍රි 11 සිට අලුයම 4 දක්වාය.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොවිඩ් – 19 මර්දනය කිරීමට හදුන්වාදී ඇති සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදිම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ සදහන් වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment