පසුගියදා කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූූ උද්ඝෝෂණයට පොලිසිය විසින් පහර දීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද දින මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනු ලැබුවේය.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී විය.
ඇමෙරිකාවේ කළු ජාතිකයෙකු පොලිස් පහරදීමකින් මිය යාමට එරෙහිව ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය නිරෝධායන ක්‍රියාවලියට බාධාවක් බැවින් එය නැවැත්වීම සදහා පොලිසිය විසින් උසාවි නියෝගයක් රැගෙන තිබුූ අතර ඒ අනුව උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීමට පොලිසිය නියෝග කළේය.
එහෙත් පොලිස් නියෝගය පිළිි නොපැදීම සම්බන්ධයෙන් එහිදී පොලිසිය සහ උද්ඝෝෂණකරුවන් අතර කලහකාරී තත්ත්වයක් හටගත් අතර පොලිසිය විසින් පහර දෙමින් උද්ඝෝෂණකරුවන් විසුරුවා හරින ලදී.
එහිදී පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු සාමාජිකයන් 53 දෙනෙකු පමණ පොලිස් අත්ඩඅඩංගුවට පත්වූූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරියේය.
සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූ තම සාමාජිකයන්ට පොලිසිය විසින් පහර දීම හේතුවෙන් මානව හිමිකම් කඩවීමක් සිදු වූ බැවින් ඒ පිළිබදව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැමිණිල්ල බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේය.

