කොටස් ලෙස පාසල් විවෘත කිරීමේදී ගැටළු රැසක්

by admindasun
0 comment 46 views

අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබද හරිහැටි අවබෝධයකින් තොරව යළි පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය නිසා ගැටළු රාශියකට ඉදිරියේදී මුහුණ දීමට සිදු වන ලංකා ගුරු සේවා සංගමය පවසයි.

බත්තරමුල්ල කොස්වත්ත ගුරු සේවා සංගම් කාර්යාලයේදී අද දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ කොටස් වශයෙන් පාසල් යළි විවෘත කිරීමේදී විවිධාකාරයේ ගැටළු රැසක් පැන නගින බවයි.

උදාහරණ ලෙස පාසල් ළමයින් පාසලට රැගෙන ඒම සදහා දෙමව්පියන් රැකියාවට යන වේලාව, ගුරුවරුන්ගේ දරුවන් තම දෙමව්පියන්ට වඩා වෙනස් වෙලාවකට පාසලට රැගෙන යාමට සිදු වීම, පාසල් වෑන් රථවලින් දරුවන් රැගෙන යාමේදී වේලාවන් වෙනස් වීම නිසා පැන නගින ගැටළු වැනි අර්බුද රැසක් හැදින්විය හැකි බවත් ජයසිංහ මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා පැවසුවේ පාසල් භූමියේ සිදුවන දේ සම්බන්ධයෙන් අවබෝධයකින් තොරව ගන්නා ලද තීරණ හේතුවෙන් මෙවැනි ප‍්‍රායෝගික නොවන යෝජනා ඉදිරිපත් කරන බවත් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන්ද මෙම ගැටලූකාරී තත්වය පැන නගින බවයි.

මෙම ගැටලූකාරී තත්වය සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment