අද දින ක‌ොවිඩ් රෝගීන් දෙදෙනෙක් පමණයි

by admindasun
0 comment 22 views

අද දිනය‌ේ මේ දක්වා මෙරටින් හමුවි ඇත්තේ කොවිඩ් – 19 ආසාධිතයින් දෙදෙනෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය‌ේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව අද දිනය‌ේදීත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ක‌ොවිඩ් රෝගීන්ග‌ේ සීඝ්‍ර අඩුවීමක් ඇති බව නිරීක්ෂණය කළ බව සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේය.

අද දිනයේත් සම්පුර්ණ සුවය ලබා කොවිඩ් රෝගීන් පිරිසක් පිටව යාමත් සමග සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 1196 දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට රෝගය ආසාධනය වීම හේතුවෙන් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 672්කක් වන අතර මෙරටින් මේ වන තෙක් වාර්තා වී ඇති මුළු කොවිඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව 1879ක් පමණ වේ.

අද දිනයේදී හමුවූ රෝගීන් දෙදෙනාද නාවික හමුදා සාමාජිකයන් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment