අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය අසළින් හමුවූ මළ සිරුර සිය දිවි නසා ගැනීමක් බවට පොලිසිය සැක කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදු කෙරෙන අතර කුරුදුවත්ත පොලිසිය පරීක්ෂණ මෙහෙයවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.
මෙම මළ සිරුරේ වෙඩි වැදුම් තුවාල හදුනාගෙන තිබුණු අතර මළ සිරුරේ ගෙලෙහි පිස්තෝලයක් එල්ලා තිබුණු අතර ඒ සමග තිබුණු ලිපියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව දැනගන්නට ඇත.
මෙම මළ සිරුර 63 හැවිරිදි රජීව ප්‍රභාෂ් ජයවීර නම් රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ලෙස හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කළ අයෙක් වන බවත් දැනගන්නට තිබේ.
පවුලේ ආරවුලක් හේතුවෙන් සිය දිවි නසා ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසූ පරිදි මේ සම්බන්ධයෙන්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදු කර ඇති අතර කුරුදුවත්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

