තැපැල් ඡන්ද ජූලි දෙවන සතියේ

by admindasun
0 comment 59 views

2020 මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ජූලි මස 13, 14, 15 සහ 16 දිනවල පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

මෙවර මහ මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් රාජ්‍ය සේවකයෙක් අනුයුක්ත කෙරෙන බැවින් තැපැල් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යවා ඉහළ යා හැකි බව මේ වන විට නිරීක්ෂණය කර ඇත.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පවසන පරිදි තැපැල් ඡන්ද සදහා සුදුසුකම් ලැබූ යම් කිසි රාජ්‍ය නිළධාරියෙකුට ඉහත දින හතර තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ යම් අපහසුතාවක් සිදු වන්නේ නම් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අමතර දින ලෙස ජූලි 20 සහ 21 යන දින නම් කර ඇත.

මහ මැතිවරණය 2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ඊයේ නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment