පසුගිය අගහරුවාදා කොල්ලුපිටියේදී පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයට පාලනය කිරිමේ කටයුතුවලට සම්බන්ධ වුණු පොලිසියේ 30 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
මේ අතර කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
තව දුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ උද්ඝෝෂණය මර්දනය කිරීමේදී ඇතිවූ තත්ත්වය අනුව එය මර්දනය කිරීමට ගිය සමහර පොලිස් නිළධාරීවරුන්ට කොවිඩ් – 19 වැළැක්වීම සම්බන්ධයෙන්වූ සෞඛ්‍ය උපමාන පිළිපැදීමට නොහැකි වූ අතර එනිසා එම නිළධාරීන් පමණක් නැවත රාජකාරියේ යෙදවීමට පෙර නිරෝධායනයට ලක් කිරීමට තීරණය කළ බවයි.
යම් කිසි හෙයකින් උද්ඝෝෂකයින් අතරින් රෝගය පැතිරීමේ හැකියාවක්ති බුණහොත් එමගින් ඇති විය හැකි අවදානම වළක්වා ගැනීමට මෙම ක්‍රියාමාර්ග ගත් බවත් පොලිස් අධිකාරී සේනාරත්න පැවසුවේය.
මෙම නිළධාරීන් පිරිස අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවත් පොලිස් අධිකාරීවරයා පැවසුවේය.
