අද දිනයේ මේ වන තෙක් වාර්තා වී ඇත්තේ කොවිඩ් – 19 රෝගීන් 04 දෙනෙක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
පසුගියද සති කිහිපයක් මුළුල්ලේ දිනකට වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගත් විය එය සීඝ්‍ර ලෙස පහත වැටීමක් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
එසේම කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 19 දෙනෙක් අද දිනයේදීද සම්පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවවූ මුළු රෝගීන් සංඛ්‍යාව 858 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අනුව මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 932ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
එසේම පළමු රෝගියා වාර්තා වීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධනය වූ මුුුුළු සංඛ්‍යාව 1801කි.
