ඊයේ උදෑසන සිට අද සවස දක්වා ගෙවුණු පැය 24ක කාලය තුළ ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 1490ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පැවසුවේය.
මෙම පුද්ගලයින් සමග වාහන 498ක්ද අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
ජුුුුනි මස 04 සහ 05 වන දින දවස පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර මෙම ඇදිරි නීතිය හෙට උදේ 04ට අවසන් වීමට නියමිතය.
ඉන් අනතුරුව යළි දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රි 11 සිට උදේ 04 දක්වා කාලය තුළ පමණක් බව අද සවස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා ඇදිරි නීති කඩකළ පුද්ගලයින් 70,042ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගනු ලැබූ රථ වාහන සංඛ්‍යාව 19,856ක් බවත් පොලිස් මාධ්‍ය අංශය කියා සිටියේය.
