සුවවූ කොවිඩ් රෝගීන් තවත් ඉහළට, නව රෝගීන් නෑ

by admindasun
0 comment 39 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 50 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද දින තම නිවෙස් බලා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේය.

ඒ අනුව සුවය ලබා පිටව ගිය සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

කෙසේ වෙතත් අද දිනයේ මේ වන තෙක් කොවිඩ් – 19 ආසාධනය වූ නව රෝගීන් හමුවී නොමැති අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 862 දෙනෙකි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1,814 ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ නාවික හමුදාවෙන් සහ විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙනි. ඔවුන් දැනට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කර ඇත.

පසුගිය මාසයක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බාහිර සමාජයෙන් කොවිඩ් – 19 රෝගීන් වාර්තා වන්නේ නැත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment