ගල්කිස්ස මුහුදු වෙරළ තීරයට අසාමාන්‍ය කසළ ගොඩක් අද දිනයේදී ගොඩ ගසා ඇති බව නිරීක්ෂණය කළ අතර ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම කසළ ගොඩ තුළ පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් වැනි ප්‍රකිචක්‍රීකරණය කළ නොහැකි අප ද්‍රව්‍ය අඩංගු වන බව පරිසරවේදීහු පවසති.
මෙම අපද්‍රව්‍ය තොගය යම් කිසි පාර්ශවයක් විසින් මෙසේ මුහුදට හෝ මුහුදු වෙරළට මුදා හැරීමෙන් අනතුරුව මෙසේ වෙරළ තුළ එකතු වී ඇති බවට ප්‍රදේශවාසිහු සැක පල කරති.
මේ සම්බන්ධන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් සෙවීම සදහා මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මෙම අපද්‍රව්‍ය අතර තිබී මොරටුව මහ නගර සභාවේ නම මුද්‍රණය කළ බෑග් සොයා ගැණුනද මෙම ක්‍රියාව හරියටම සිදු කරන ලද්දේ කවුරු විසින්ද යන්න තවමත් සොයාගෙන නොමැත.
මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීම අද උදෑසන කාලයේදී සිදු කෙරුණද යළිත් සවස් කාලය වන විට වෙරළට පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගොඩ ගසා තිබුණු බවත් පරිසරවේදීන් පැවසුවේය.
