ඇදිරි නීතිය තවදුරටත් ලිහිල් කෙරේ

by admindasun
0 comment 163 views

ජුනි මස 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රිි 11 සිට අළුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

මීට පෙර පැවැති පරිදි රාත්‍රි 10 සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ අතර එය තව දුරටත් ලිහිල් කර තිබේ.

නැවත දැනුම් දෙන තුරු නව වේලාවන්ට අනුව ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රිත්ක අතර ගමනාගමනයට ලබාදී ඇති අවසරයද එළෙසින්ම ක්‍රියාත්මක බව අතර රාජ්‍ය සහ පෞද්ලික අංශයේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් – 19 වැළැක්වීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment