රට පුරා ත්‍රිපෝෂ හිගයක්

by admindasun
0 comment 58 views

ගර්භණී මාතාවන්ට, කුඩා දරුවන්ට සහ පෝෂණ ඌනතා සහිත දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ හිගයක් මේ වන විට රට පුරා පවතින බව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ සංගමය පවසයි.

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ සංගමයේ ලේකම් දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් ත්‍රිපෝෂ අදාළ මාසයට ලබා දී නොමැති අතර පසුගිය මාසය තුළ බෙදා ඇත්තේ ඊට පෙර මාසයට ලබා දිය යුතු ත්‍රිපෝෂ බවයි.

මේ වන විට ගර්භණී මාතාවන්ට, දරු ප්‍රසූතියෙන් මාස 06ක් යන තුරු සහ පෝෂණ ඌනතාවලින් පෙළෙන දරුවන්ට වසර 05ක් යන තුරු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ත්‍රිපෝෂ ලබා දීම සිදු කරයි.

මෙම ත්‍රිපෝෂ ලබාදෙන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය හරහාය.

මේ සම්බන්ධයෙන් විමසූ විට ත්‍රිපෝෂ සංස්ථාවේ සභාපති දීප්ති කුලසූරිය මහතා පැවසුුුුුවේ තිරිගු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවයි.

එසේම ත්‍රිපෝෂ නිෂ්පාදන කර්මාන්තශාලාවේ වැඩ කළ සේවකයන්ගෙන් බහුතරය ජා-ඇල සුදුවැල්ල සහ වැලිසර ප්‍රදේශයේ පදිංචිකරුවන් බැවින් අදාළ ප්‍රදේශවලට එල්ල වී ඇති කොවිඩ් – 19 අවදානම හේතුවෙන් ඔවුන් සේවයට ගෙන්වා ගැනීමට නොහැකි බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment