කොවිඩ් – 19 වසංගතය මැද වඩාත් අවදානමට ලක්ව පීඩා විඳින මැදපෙරදිග රැකියාවල නිරතවන්නන්ගේ ගැටලුවලට මැදිහත් වන ලෙස ආණ්ඩුවට බලකරන සංකේතාත්මක උද්ඝෝෂණයක් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ විසින් සංවිධානය කර තිබිණි.
විශේෂයෙන් මේ වනවිට මැදපෙරදිග රටවල කොවිඩ් – 19 වසංගතය උග්‍රවන පසුබිම තුළ තම රැකියා ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මෙම විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියේය.
මෙම විරෝධතාව බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.
ලංකාවෙන් මැදපෙරදිග ගොස් ගෘහසේවය ඇතුලු ජීවනෝපායන්හි යෙදෙන කාන්තාවන් ඇතුළු ලාංකික ජීවිත මේ මොහොතේ කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් බරපතළ අවදානමකට ලක්ව ඇති බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පවසයි.
ඒ් වෙනුවෙන් කිසිදු සාධාරණ මැදිහත්වීමක් පාලකයන් විසින් නොගන්නා තත්ත්වයක් තුළ ඔවුන්ගේ ජීවිත අනතුරට පත්ව ඇතිි බවත් එරට පැතිරී යන වසංගත තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සිට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ආයාචනා කරන ලංකාවේ පුරවැසියන් නොසළකා හැර ඇති බවත් මෙම සංවිධානය පවසයි.
මේ නිසා වහාම ඒම ගැටලු ගැන අවශ්‍ය ඉක්මන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා එම නිහඬ විරෝධය පැයක පමණ කාලයක් පවත්වන ලදී.

