කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වුණු කහ පළගැටියා මර්දනය කිරීමට මේ වන විට රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සනත් එම් බණ්ඩාර මහතා පැවසුවේය.
ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කීට විද්‍යඥයන් කණ්ඩායමක් කටයුතු කරන අතර ඔවුනට අනුව අද දිනය වන විට එම පළගැටියා නිරීක්ෂණය වීමක් දක්නට නොලැබුණු බවයි.
මෙම පළගැටි විශේෂය සාමාන්‍යයෙන් කැළෑ ප්‍රදේශයේ වර්ධනය වන අතර මෙම ප්‍රදේශයට පැමිණි ආකාරය පිළිබදව තවම නිර්ණය කරගෙන නොමැති බවත් ඔහු කියා සිටියේය.
