අද කොවිඩ් රෝගීන් 40ක්, 36ක් නැවියන්

by admindasun
0 comment 97 views

අද දින මේ දක්වා අලුතින් වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 40ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම රෝගීන් අතුරින් 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර 04 දෙනෙකු විදේශගත සිටව පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ සමග කොවිඩ් – 19 ආසාධනය වී මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම සම්පූර්ණ සුවය ලබා අද දිනයේදීද රෝගීන් 03 දෙනෙකු පිටව යාමත් සමග සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 839 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව මෙරට කොවිඩ් – 19 ආසාධිත මුළු සංඛ්‍යාව 1789 දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment