පනාගොඩ හමුදා රෝහල කොවිඩ්වලට සූදානම්

by admindasun
0 comment 39 views

යුද හමුදා සාමාජිකයන්ට කොවිඩ් – 19 ආසාධනය වුවහොත් ප්‍රතිකාර ලබා දීම සදහා පනාගොඩ යුද හමුදා රෝහල මේ වන විටත් සුදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසයි.

කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ වන විට යුද හමුදා සෙබලෙක් කොවිඩ් – 19 ආසාධනය වීම නිසා ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසන පරිදි කොවිඩ් – 19 ආසාධනය වූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව ඊයේ දින වන විට 778ක් වූ අතර ඉන් 424 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇත.

එසේම දැනට කොවිඩ් – 19 ආසාධිත නාවික හමුදා සාමාජිකයින් දිවයින පුරා රෝහල් 11ක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment