මදුරු මර්දනය කොළඹින් අරඹයි

by admindasun
0 comment 20 views

ජනාධිපති නිර්දේශයකට අනුව රටේ ඩෙංගු මදුරුවන් බෝ වීම සම්බන්ධයෙන් සියලුම මහ නගර සභා, නගර සභා, රාජ්‍ය ආයතනවලට ලබා දී ඇති උපදෙස්වලට අනුව ජුනි මස 4,5,6 දිනවලදී කොළඹ මහ නගර සභාව පරිසර පොලීසි සමඟ එකතුව විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ආරම්භ කිරීමට සැළසුම් සකස් කර තිබෙන බව අද දින කොළඹ මහ නගර සභාවේ ගරු නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය පැවසුවාය.

තව දුරටත් අදහස් දැක්වූ සේනානායක මහත්මියට අනුව ඉහත දිනයන්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, ඝණ අපද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ඇති සියලුම නිවාස පරික්ෂාවට ලක් කරන අතර, ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ඇති නිවෙස් සඳහා දැඩි නිතීමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරනු ඇත. මේ අතර ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සම්බන්ධයෙන් අපගේ ඝණ අපද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිසි ක්‍රියාමාර්ගයන් ගැනීමටද කටයුතු කරනු ඇත.

මේ වන විට  අධික වර්ෂා කාලයක්  නිසා ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ නිවස අවට පරිසරය පිරිසිදු කර ගන්නා ලෙසත්, ඩෙංගු මදුරුවන් මදුරු කීටයන් බහුලව බෝ වන ස්ථාන සම්බන්ධයෙන් ඔබගේ නිසි අවධානය යොමු කරන ලෙසත්, මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය සඳහා පැමිණෙන  නිලධාරීන්ට සහයෝගය සෑම අවස්ථාවකදීම ලබා දෙන ලෙසත් සේනානායක මහත්මිය ඉල්ලා සිටියාය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment