කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග බඩු මිල ඉහළ ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ කොවිඩ් – 19 වසංගතය හමුවේ ඉල්ලුම අඩුවී ඇති බැවින් ලෝකයේ අනෙකුත් රටවල බඩු මිල පහත වැටී ඇති බවයි.
එහෙත් මෙරට බඩු සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එය ආර්ථික කළමනාකරණයේ දුර්වලකම බවද ඔහු කියා සිටියේය.
මේ වන විට ආරංචි වන තොරතුරුවලට අනුව මෙවර අය වැය පරතරය ඉතාමත් ඉහළ යා හැකි බවත් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේම මෙරට ආර්ථිකයේ ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබදව රටට හෙළිි කළ යුතු අතර එම ගැටළු වහාම විසදා ගත යුතු බවත් ඔහු කියා සිටියේය.
තවදුරට වික්‍රමසිංහ මහතා පැවසුවේ විදේශීය ආයතනවලින් ලැබී ඇති පරිත්‍යාග මෙන්ම ලබා ගැනීමට නියමිත ණය මුදල් පිළිබද තොරතුරුද වහාම රටට හෙළි කළ යුතු බවයි.
