නව මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සදුදා (ජුනි 08) වන දින නැවත මැතිවරණ කොමිසම රැස්වීමෙන් පසුව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසෙමේ ආරංචි මාර්ග පවසයි.
එසේම මනාප අංක ලබාදීමද මීලග කොමිසන් සභා රැස්වීමෙන් පසු සිදු කෙරෙන බවත් මැතිවරණ කොමිසම පවසයි.
අද දින මැතිවරණ කොමිසම රැස්වුණු අතර එහිදී දීර්ඝ වශයෙන් සෞඛ්‍ය කරුණු පිළිබදව සාකච්ඡා කළ බවත් දැනගන්නට තිබේ.
කොමිසන් සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ මැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් අතර ඒ පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කිරීම අද සිට ලබන සුදුදා දක්වා කාලය තුළ සිදු කරන බවත් ඔහු කියා සිටියේය.
එසේම මෙවර මහ මැතිවරණය සදහා පළමු වරට එක් ඡන්ද මධ්‍යස්ථානයකට සෞඛ්‍ය අංශ නියෝජනය කෙරෙන පරිදි නිළධාරියෙක් අනුයුක්ත කෙරෙන බවත් ඔහු පැවසුවේය.
එම නිළධාරීන්ට ලංකාවේ කිනම් ස්ථානයකින් වුවද තැපැල් ඡන්ස අයදුම් කිරීමේ හැකියාව ඇති බවත් දේශප්‍රිය මහතා පැවසුවේය.
අදාළ සෞඛ්‍ය උපදෙස් මාලාව සකස් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය මැතිවරණ කොමිසම සමග සාකච්ඡා වට 04 පැවැත්වුණු අතර අවසන් වාර්තාව අද දින නිකුත් කරන ලද බවත් ඔහු කියා සිටියේය.
මෙම සෞඛ්‍ය කරුණුවලට අදාළව මැතිවරණය සම්බන්ධ ව්‍යවස්ථාපිත ක්‍රියාවලිය ලබන සදුදා මැතිවරණ කොමිසන් සභා රැස්වීමෙන් පසුව ආරම්භ කෙරෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.
එම කරුණුවල මනාප අංක ලබදීම සහ මැතිවරණ දිනය තීරණය කිරීම යන කරුණුද ඇතුළත් බවත් දේශප්‍රිය මහතා පැවසුවේය.
