මැතිවරණය දිනය සම්බන්ධ පෙත්සම් ඉවතට

by admindasun
0 comment 65 views

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිනරණයට දින නියම කිරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කළ බව අද නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම් පසුගිය දින 10 පුරා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලුණු අතර මේ සදහා පත් කර තිබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ගත් බවද අද දින දැනුම් දෙන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment